යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

0
218

යාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පැවසීය.

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි කිහිපයකින් පැමිණි කණ්ඩායමක් විසින් අදාළ නිවස වෙත පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇත්තේ නිවසේ නවතා තිබු වෑන් රථයක් වෙතටය. එහිදී වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර නිවසියන් වෑන් රථයේ ගින්න නිවීමට උත්සාහ කොට නැත්තේ පැමිණි පිරිස් විසින් වෑන් රථය ගිනි ගන්නා තුරු නිවසේ තිබූ යතුරුපැදිවලට හා බඩුබාහිරාදියට හානි සිදු කිරීම හේතුවෙනි.

එහිදී යතුරුපැදි තුනකට හා නිවසේ දොර ජනෙල්ද කැඩී ගොස් ඇති අතර නිවසේ සිටි කිසිවෙකුටත් හානි සිදු කොට නොමැති බවටද යාපනය පොලීසිය කියා සිටියේය.

අදාළ ප්‍රහාරයෙන් පසුව එම පිරිස පළා ගිය බවටත් එම ප්‍රහාරය ආවා කල්ලියේ බවට සැකකෙරෙන බවටද පසුගිය සමයේ යාපනය නල්ලූර්,කෝපායි ඇතුළු ප්‍රදේශ රැසක ‍මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල වි ඇති බවද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here