මොරටුව ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙක් මාට්ටු

0
139

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

අදාල පුද්ගලයා එම ප්‍රදේශයේ මත් කුඩු අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.

මොරටුව එගොඩඋයන පොලීසිය ලද තොරතුරක් මත පසුගිය 07වනදා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එගොඩඋයන ප්‍රදේශයේ අවන්හලක රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අලෙවි කිරීම සඳහා ගෙනවිත් තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 12ක්ද සොයා ගැනුනි. 

පොලීසිය සඳහන් කළේ ඒවාගේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවයි.

අත්අඩංගුවට පත් සැකකරු මොරටුව බොරුපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ඊයේ(08) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.