මෛත්‍රී පාලනයක් ඇරඹී අදට සිව් වසරයි – ජනපති පදවි ප්‍රාප්තියේ සිව්වන සැමරුම අදයි

0
146

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති පදවි ප්‍රාප්තියේ සිව්වන සැමරුම අදට යෙදී තිබෙනවා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් විය.

පොදු අපේක්ෂකයෙකු ලෙසින් ජනාධිපතිවරණයට හංසයා ලකුණින් තරග කළ සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය සාධාරණ සමාජයක් උදෙසා වු ජනතා ව්‍යාපාරය ඇතුලු සිවිල් සංවිධාන රැසක සහය හිමිවුවිය.

ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට හැට දෙලක්ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවක් හිමි වූ අතර මහින්ද රාජපක්ෂ මහතාට හිමිවුයේ ඡන්ද 58 ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක්.

එහි ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 08 යි 30 ට ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here