මෛත්‍රීපාල සිරිසේන ජනපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත කරගෙන සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනාවක්

0
260

ජනාධිපති ගරු මෛත්‍රී සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව මෙම ජනවාරි 08 වනදාට සිවු වසරකි.

ඒ නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා සංවිධානය කළ සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් අද (07) රැය පහන්වන තුරු ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ.

දිවයිනේ නන් දෙසින් වැඩම කරන මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මෙම පරිත‍්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙන අතර පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයකි.

ජනාධිපති කාර්යාලයේ කාර්යමණ්ඩලය විසින් මෙය සංවිධානය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here