මේ ඇවිත් තියෙන්නේ කණ්ඩායමක් නැවත ගොඩනැගීමේ කාලය නෙවෙයි – මාලිංග

0
50

මේ උදා වී ඇත්තේ කණ්ඩායමක් නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් මේ වන විටත් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් සමුගෙන වසර තුනකට වඩා ගතවී ඇත් බවත් ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ලසිත් මාලිංග පවසනවා. ඊයේ (3) පැවති පළමු එක්දින තරඟයේදී ඔහු මේ පිළිබඳව පවසා තිබුණේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“දැන් නැවත ගොඩ නැගිමට කාලය නෙමෙයි. ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගෙන දැන් වසර හතරකටත් වඩා වැඩියි. ඊළඟ ලෝක කුසලානය මේ වසරේදී එනවා. දැන් අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ කවුද කියලා හොයන්න වෙනවා. අපේ නවක ක්‍රීඩකයන් ගොඩක් අවස්ථා ලබා ගත්තා. දැන් ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න කාලය ඇවිල්ලා. ලෝක කුසලානයට පෙර අපිට තරග අටක් තිබෙනවා. මේවා අපි ලෝක කුසලානයේදී මුහුණ දෙන තත්ත්වයන්ට සමානයි. ඉතින් එකතු වෙලා මේ තත්ත්වයන්ට අපි අනුගත විය යුතුයි.”

ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here