මේ අයවැයත් සුන්දර කතාවලින් පිරුණු අයවැය කතාවක් පමණයි – දිනේෂ් ගුණවර්ධන කියයි

0
52

පසුගිය වසරවල රජය ඉදිරිපත් කළ අයවැය ලේඛන මෙන්ම මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද (04) මහනුවරට පැමිණ අස්ගිරි මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියක් බැහැ ආශීර්වාද ලබා ගැනීමෙන් ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මහජන එක්සත් පෙරමුණේ 22 වන සම්මේලයේදී සම්මත කර ගන්නා ලද අනාගතය සඳහා අලුත් ආණ්ඩුවක් අලුත් වැඩපිළිවෙළක් ගොඩනැගීමේ උත්සායහ පිළිබදව වූ වැඩපිළිවෙල මහ නාහිමිවරුනු වෙල පිළිගැන්වීම සඳහා පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද දින අස්ගිරි මල්වතු මෙන්ම රාමඤ්ඤ මහ නාහිමිවරුන් බැහැ දැකීම සඳහා පැමිණ සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here