මුරුංගා කොළයට සමාන මත්ද්‍රවය විශේෂයක් රේගුවෙන් අල්ලයි

0
155

මුරුංගා කොළයට සමාන හැඩයෙන් යුත් ඉතියෝපියාවෙන් ගෙන්වූ මත්ද්‍රව්‍ය විශේෂයක් අඩංගු කාඩ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය පවසනවා.

ශාක නිරෝධ ආයතනයේ නිලධාරීන්ද මුරුංගා කොළ හේතුවෙන් මෙම මත්ද්‍රව්‍ය විශේෂය මුදාහැර තිබූ අවස්ථාද ඇති බවයි ඔවුන් පවසන්නේ. තමන් ඒ පිළිබද කළ දැනුම්දීමකින් පසු එම මත්ද්‍රව්‍ය විශේෂය වැටලීම ආරම්භ කෙරුණු බවයි මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධිකාරි නුවන් අබේනායක කියාසිටියේ.

මෙරටදී රේගු භාරයට ගැණුනු බොහෝ කොකේන් ඇතුළු බොහෝ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාහව රහා වෙනත් රටවලට යැවීමට සූදානම් කර තිබූ ඒවා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here