”මිනිහත් හොඳ තරඟයක් දෙන්න ඉන්නේ – තේරුවේ නැති එක පෙන්නන්න හරි එයා ඇවිත් තරඟ කරයි”

0
454

අද (18) ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදී ලසිත් මාලිංගගේ සමුගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතා අදහස් දක්වා සිටියා. ඔහු එහිදී සඳහන් කර සිටියේ මේ වන තෙක් මාලිංග සමුගන්නා බව නිවේදනය කරමින් ලිපියක් හෝ ක්‍රිකට් ආයතනය වෙත යොමු කර නැති බවයි.

එමෙන්ම මාලිංග ලෝක කුසලානය සඳහා අවශ්‍යම ක්‍රීඩකයෙක් බවත් ඒ වෙනුවෙන් ඔහු තරඟ කරනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා….

”මාලිංග අපි හොඳම 15ට නම් කළා. එයා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක්. ඔහු ටීම් එකට නම් කරලා පස්සේ බෑ කීවොත් අපිට කරන්න දෙයක් නෑ. ඔහුට අපි ආයාචනා කරනවා රට ගැන හිතලා සෙල්ලම් කරන්න කියලා. ක්‍රීඩකයෝ ඉන්නවා ඕනි තරම් සංචිතයට එන්න. මාලිංග සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්. මං හිතන්නේ නෑ මාලිංග ටීම් එකෙන් අයින් වෙයි කියලා. මිනිහත් හොඳ තරඟයක් දෙන්න ඉන්නේ. අපි එයාව තේරුවේ නැති එක පෙන්නන්න හරි එයා ඇවිත් තරඟ කරයි කියලා අපි විශ්වාස කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here