මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට යහපාලන රජයෙන්

0
32

යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාගේ “රන් මාවත්” සංකල්පය යටතේ ජනතා අයිතියට පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 17 වනදා පැවැත්වෙමට් නියමිතය.

මෙහි සමාරම්භය මාවනැල්ල හෙම්මාතගම ගම්පොල මාර්ගය, මාවනැල්ල – අරණායක මාර්ගය, මාවනැල්ල – රඹුක්කන යන මාර්ග සහ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක යාකරමින් ඉදි කල කොච්චිකඩේ නව පාලම ජනතා අයිතියට පත් කරමින් සිදු කෙරෙනු ඇත.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව. 09.00ට මාවනැල්ල නගරයේදී සහ කොච්චිකඩේ පාලම අසලදී පෙ.ව.10.30ට සමාරම්භක උත්සවයන් පැවැත්වේ. මීට සමගාමීව දිවයිනේ සියලූ දිස්ත්‍රික්ක ආවරණය වන පරිිදි “රන් මාවත්” මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පැවරෙන අතර ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති සමස්ත මුදල රු.කෝටි 3000කට අධික වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here