මාමා ඇද්ද විදුලි රැහැනට පුතා බිලිවෙයි

වල් ඌරන් දඩයම් කිරීම සදහා වැව් තාවුල්ලක අනාරක්‍ෂිත ලෙස ඇද තිබූ කම්බි රැදවුමක පැටලී මහව කුඹුක්වැව තිස් දෙහැවිරිදි තරුණයකු මිය ගොස් තිබිණි. 11 වැනිදා උදෑසන මෙලෙස මියගිය තරුණයාගේ සිරුර හමුවී ඇත්තේ ඔහුගේ නිවස අසල ඇති වැවෙහි මීටර් 500ක් පමණ දුරින් වැව් තාවුල්ලේ දිය කඩිත්තක වැටී තිබියදී.

මියගිය තරුණයා මහව පොලිස් බල ප‍්‍රදේශයේ අංක 147 කුඹුක්වැවල මහව ලිපිනයේ පදිංචි අයි.එම් ප‍්‍රභාත් නිලංග සිරිසේන නමැති තරුණයෙකි. සිද්ධිය පිළිබදව සැක පිට මියගිය පුද්ගලයාගේ මාමා වන ඩබ්ලිව් එම් සිසිර විජේරත්න යන අය මහව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තමා ඌරන් දඩයම් කිරීම සදහා මෙලෙස විදුලි රැහැන් ඇදීම සෑම දිනකම සිදුකරන බවත් ඒ සදහා විදුලිය අසල කණුවකින් කොකු දමා ලබා ගන්නා බවත් උදෑසන වන විට නැවත විදුලි රැහැන් ඉවත් කරන බවත් එදින උදෑසන තමා වැවට යන විට ප‍්‍රභාත් පුතා වැටී ඉන්නවා දුටු බවත් අත්අඩංගුවට පත් පුද්ගලයා පැවසූ බව මහව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අප වෙත සදහන් කළේය

විදුලි රැහැන පැටලී තිබූ කකුල කැපී ගොස් තිබූ අතර දකුණු උරහිසේ සිට යටි බඩ දක්වා විදුලි රැහැනට පිළිස්සී ගොස් තිබිණි සිද්ධිය පිළිබදව මහව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

මෙම අනතුරට පත්වුන ප‍්‍රභාත් නිලංග ඊයේ ගමක් හඩවා අවසන් ගමන් ගියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න