මාතර ප්‍රදේශයේ අරාබි භාෂාවෙන් පොත් අච්චු ගැසූ තරුණයෙක් පොලිසියට කොටුවෙයි.

0
208

ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීමට විවිධ වර්ගයේ පොත් එකසිය හැට දෙකක් මුද්‍රණය කළ මුස්ලිම් ජාතිකයෙකු අකුරැස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකාර තරුණයා පුද්ගලික මාර්ග ඉදිකිරීම් ආයතනයක පරිසරවේදියකු ලෙස සේවය කරන බවත් ඔහු දැනට වසර තුනහමාරක පමණ කාලයක සිට අකුරැස්ස ප්‍රදේශයේ කුලී නිවාස ගෙන පදිංචිව සිටින බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අකුරැස්ස පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයා අඩංගුවට ගෙන විමර්ශනය සිදු කිරීමේ දී ඔහු විසින් අකුරැස්ස නගරයේ මුද්‍රණාලයක ඩුප්ලෝ තාක්ෂණය මගින් පොත් 162 මුද්‍රණය කර ඇති අතර එම පොත් අරාබි භාෂාවෙන් ලියා තිබූ බව පොලිසිය පැවසුවා.

සැකකරු කල්මුණ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී සැකකරු පවසා ඇත්තේ කලිමුණේ ප්‍රදේශයේ මෙම පොත් මුද්‍රණය කිරීමට විශාල මුදලක් වැය වන නිසා මෙම අකුරැස්ස ප්‍රදේශයේ දී එක් පොතක් රුපියල් 350 ක ටත් අඩු මුදලකට මුද්‍රණය කර ගත හැකි බවයි.

මෙම මුද්‍රණය කළ පොත් කර්තෘවරයා තමාගේ පියා බවද ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා තිබේ .පසුව අකුරැස්ස පොලිසිය මගින් සැකකාර තරුණයා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here