මාකඳුරේ මදූෂ් ඇතුළු 39 දෙනෙක් අද ඩුබායි අධිකරණයට

    පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව සැළකෙන මාකඳුරේ මදූෂ් ඇතුලූ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික සැකකරුවන් 39දෙනෙකු අද (10) එරට අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා.

    ඩුබායිහි සුපිරි හෝටලයක පැවැති සාදයකදී මදූෂ් ඇතුළු 31දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර තවත් සැකකරුවන් 14දෙනෙකු එම හෝටලයෙන් පිටතදී අත්අඩංගුවට ගැනුණා.

    එලෙස අත්අඩංගුවට ගැනුණු සියලූ සැකකරුවන්ගේ රුධීර පරීක්ෂාවක් ඉකුත් දා සිදු කෙරුණා. ඒ අතරින් විෂ මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බවට අනාවරණ වී ඇති 39දෙනෙකු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    රුධිර පරීක්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය ශරීර ගතවී නොමැති බවට අනාවරණ වූ 06දෙනෙකු මීට පෙර මුදා හැරුණා. එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ නීතියට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන්ට විශේෂ දඩුවමක් ක්‍රියාත්මක වෙන එරට මාධ්‍ය වාර්තා කරනවා.

    තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න