මහියංගණය අනතුරින් දිවි අහිමි වී ඇත්තේ එකම පවුලේ සමාජිකයින්ගේ බවට අනාවරණය වෙයි – ඒ අතර නිවුන් දැරියන් දෙදෙනෙකුත්

0
991

මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී සිදුවූ අනතුරින් මියගිය දසදෙනා පවුල් තුනක සාමාජිකයන් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

මඩකලපුවේ – දවුබාර් පෙදෙසේ සහ රත්නම් පාරේ පදිංචි මෙම පිරිස නුවරඑළියේ සංචාරයක නිරතවී ආපසු පැමිණෙමින් සිටියදියි අනතුර සිදුව ඇත්තේ.

සිද්ධියෙන් ලිස්ටර් ඇලෙක්සැන්ඩර් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ වයස අවුරුදු 4 ක් වන නිවුන් දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.

එසේම ප්‍රින්ස් හෙඩ්‍රික් නැමති 48 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ සහ දියණිය සහ පුතුද මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

එසේම තවත් දියණියක් සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ජෝෂප් රැලින්ටන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර සිද්ධියෙන් වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකුට අමතරව බස් රථයේ සිටි 6 දෙනෙකුද තුවාල ලබා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

මෙම පෞද්ගලික බස්රථය තේ පානය සඳහා නතර කර යළි ගමන් අරඹනවාත් සමඟ වේගයෙන් පැමිණි වෑන් රථය එහි ගැටුණු බවයි බස් රථයේ මගීන් කිහිපදෙනෙකු සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here