මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

0
189

අද (14) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වෙනවා.

මේ පිළිබඳව තොරතුරු ප්‍රකාශ වී ඇත්තේ අරලියගහ මන්දිරයේ එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවකදීයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි එම සාකච්ඡාවේදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ නමුත් මෙම ලිපිය ජනාධිපතිවරයා විසින් භාර ගනීද නොගනීද යන්න පිළිබඳව තමන්ට කිව නොහැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ පිළිබඳව නාමල් රාජපක්ෂ මහතාද ඔහුගේ ට්විටර් ගිණුමේද සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here