මහින්ද පිලට වැදගත් තවත් පෙත්සමක් විභාගය අද

0
198

පසුගියදා අභියාචනාධිකරණය විසින් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම සළකා බැලීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරෙනවා.

අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප‍්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එම නියෝගය ඉවත දමන ලෙසට ඉල්ලමිනුයි
මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය මෙම පෙත්සම ගොණු කර තිබෙන්නේ.

කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය ගොණු කළ මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට කටයුතු කරන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මෝසමක් ගොණු කර තිබුණා. එයින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සුදුසු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here