මහින්දගේ ආශිර්වාද සමග පැමිනි ගෝඨා – විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවට පොදු ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉටු කිරීමට  හැකියාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(18) කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ ආණ්ඩුවේ අය කියන විදියට වැදගත් නොවන කරුණු අද වන විට පාර්ලිමේන්තුව ඉදිරිපත් කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය. 

රටේ ඒකීයභාවය නැත්තටමට නැති කර බෙදී වෙන්වී යාමේ දිශාවකට රට රැගෙන යන බෙදුම්වාදී ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳ මුලික කාරණා රැසක් නව ව්‍යවස්ථාවේ ඇතුළත් බවත්, එය “ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටිය“ ලෙස හඳුන්වන බවත් වීරවංශ මහතා මෙහිදී පැවසීය.

ඒ මුට්ටිය දාලා බලන්නේ විරෝධතාවයක් නොමැති නම් ඊළඟ පියවරට යෑමට බව ද පැවසු මන්ත්‍රීවරයා  අද වන විට දෙමළ ජාතික සන්ධානය වත්මන් ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ද පැවසීය.

ඔවුන්ගේ පදයට රනිල් වික්‍රමසිංහ මහතා අද ක්‍රියා කරන බව ද පැවසු මන්ත්‍රීවරයා ජාතිවාදී කණ්ඩායමකගේ ප්‍රාණ ඇපකාරීත්වයට ගොඳුරු වුණ ආණ්ඩුවකට කිසිසේත් පොදු ජනතාවගේ සාධාරණ විසඳුම් ලබා දිය නොහැකි බව ද පැවසීය.

ඒ තුළින් අන්තවාදය ජය ගන්නා අතර සාමාන්‍ය ජනතාව පරාජයට පත්වන බව ද පැවසු වීරවංශ මහතා, සුමන්තිරන්ට අවශ්‍ය ව්‍යවස්ථා හදන්න මහින්ද රාජපක්ෂ මහතා හෝ තම පක්ෂයේ කිසිවෙකුත් සහය නොදෙන බවත්, රට ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් සඳහා ඒ කැපවීම සහයෝගය ඕනෑම මොහොතක ලබා දීමට කැපවෙන බව ද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට සුදානම් බව පැවසමින් එම අභියෝගය භාර ගෙන ඇති බවත්, එය කිසිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය නොමැතිව සිදු නොවන බවත් විමල් වීරවංශ මහතා මෙහිදී කියා සිටියේය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න