මලික්ට ඇමතිකමක්, ෆොන්සේකාට නෑ, නීතිය හා සාමය අමාත්‍යාංශය ජනපති යටතට

0
653

අද (20) නව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. කෙසේ නමුත් නීතිය හා සාමය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබාගන්නට කටයුතු කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

එය කිසිදු ඇමතිවරයෙකුට ලබා දී නොමැති අතර ජනාධිපතිවරයා කියා සිටි පරිදි සරත් ෆොන්සේකා හටද අමාත්‍ය ධූරයක් ලබා නොදී තිබීම විශේෂත්වයක්.

මේ අතර මලික් සමරවික්‍රම හට කැබිනට් මණ්ඩලයේ ඇමතිධුර ලබානොදෙන බව මුලින් පවසා තිබුණත් ඔහු අද ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේ සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ හා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමති ලෙසයි.