මරණ දණ්ඩනය ලබාදීමට ගත් තීරණයේ කිසිඳු වෙනසක් නෑ 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කිසි ලෙසකින් හෝ වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යළි අවධාරණය කළා.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ආරම්භ කරමින් මුලතිව් මුල්ලියාවලෛයි විද්‍යානන්දන් මහා විදයාලයේ පැවති උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම හා ඒ සම්බන්ධ අපරාධ පිලිබද තොරතුරු ලබාදීම සදහා ගාස්තු රහිත කෙටි දුරකථන අංකයක් වන 1984 හදුන්වා දීමද මෙහිදී සිදු කෙරුණා.

පිලිපීන රාජ්‍යයද කලක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හේතුවෙන් විනාශ වී තිබූ නමුත් එහි ජනාධිපතිවරයාගේ තීන්දු හේතුවෙන් එම අභියෝගය ජය ගෙන ඇති බව ජනාධිපතිවරයා සිහිපත් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව තමා ගන්නා තීන්දු මානව හිමිකම් සංවිධාන වලට බියෙන් වෙනස් නොකරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිලිබද පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශවයන් පිළිබදවද තමා ඉදිරියේදී රටට තවත් තොරතුරු හෙළි කිරීමට අපේක්ෂා කරන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න