මම තනතුරකට යන්නේ පාක්ෂිකයාගේ කර පිටින් පමණයි – සජිත් ප්‍රේමදාස

0
106

පසුගිය මාස දෙකේදී සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයේදී මෙන්ම ඊට පෙරද තමාට අගමැති ලෙසින් දිවුරුම් දෙන ලෙස යෝජනා 10ක් පමණ පැමිණි බව සජිත් ප්‍රේමදාස මහතා ගාලු මුවදොර පිටියේදී පවසා සිටියා.

නමුත් තමා කිසිදු දිනෙක එලෙසින් අගමැතිකම් භාර නොගන්නා බවත් තමන්ගේ පියාගේ ආත්මය පවා නොදෙන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.

ඔහු වැඩිදුරටත් ජනතාව අමතමින් පවසා සිටියේ තමන් යම් දිනෙක තනතුරකට යන්නේ නම් එසේ යන්නේ පාක්ෂිකයාගේ කරමතින් පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here