මධූෂ්ට ඩුබායි හි සුපිරි මන්දිර 3ක් – වෙනත් නමකින් පෙනී සිටිමින් ආයෝජන වීසාත් ලබාගෙන

0
175

මේ වන විට ඩුබායි අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධූෂ් හට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සුපිරි මන්දිර 3 ක් ඇතැයි අනාවරණ වී තිබෙනවා. එමෙන්ම ඔහු විසින් එරට තුල ආයෝජනයන් සිදුකරමින් ඩුබායි රජය මගින් පාලනය කරන විශාල ප‍්‍රමාණයේ ඉන්ධන පිරවුම් හලක කොටස් ද හිමිකරගෙන තිබෙනවා. තවස ඔහු විසින් ඩුබායි හි ආයෝජන වීසා ලබාගෙන ඇති අතර එ් සඳහා ඉල්ලුම් කර ඇත්තේ ව්‍යාජ නමකින් පෙනී සිටිමිනුයි.

2012 වසරේ සිට ආයෝජන වීසා ක්‍රමය ඩුබායිහි හඳුන්වා දුන් අතර මධූෂ් විසින් අජිත් අරංග වර්ණකුලසූරීය යන නමින් මෙම වීසා ලබාගෙන තිබෙනවා. ඩුබායි රජය විසින් මෙය හඳුන්වා දී තිබුණේ විදේශිකයින්ට පමණයි. ඩුබායිහී ආයෝජන වීසා ලබා ගැනීමට, අදාල විදේශිකයා සතුව අවම වශයෙන් ඩිරාම් ලක්ෂ 10 ක් හෙවත් රුපියල් ලක්ෂ 400 කට වැඩි වත්කම් තිබිය යුතුයි.

කෙසේ වෙතත් කිසියම් හෝ විදේශිකයෙකුට ඩුබායිහි ආයෝජන වීසා හිමි වුවද, ඔහුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නොලැබෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here