මධුෂ්ගේ නැන්දා ගොනු කළ පෙත්සම විභාගයෙන් තොරවම ප්‍රතික්ෂේප කරයි

0
141

පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

 ප්‍රියන්ත ජයවර්ධන ,,ප්‍රසන්න ජයවර්ධන සහ එස්.තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කර තිබේ.

මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ ඥාතිවරියක වන ඒ.ශ්‍රියානි විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එය විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතු කළ  නීතිපතිවරයා විදේශයක සිටින පුද්ගලයකු වෙනුවෙන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට නීතියෙන් ඉඩක්  නොමැති බව පෙන්වා දුන්නේය.

ඒම මූලික විරෝධතාව පිළිගත් අධිකරණය අදාළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට  තීන්දු කර ඇත.