මධ්‍යම කඳුකරයට තද වැසි

මධ්‍යම කදුරයේ ජල පෝෂක ප‍්‍රදේශ වලට තද වැසි ලැබී තිබෙනවා.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප‍්‍රදේශවලට අද පස්වරුවේ අධික වර්ෂාපතනයක් පැවැති බවයි වාර්තා වෙන්නේ.

බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය සහ හැටන් යන ප‍්‍රදේශ වලට ඇති වූ වර්ෂාවත් සමග හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට වී තිබුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු පැය භාගයක පමණ කාලයක් ඇනහිට තිබූ බවද වාර්තා වෙනවා.