මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව ලබාදෙන බක්මහ දිවුරුම අද පෙරවරුවේ

0
80

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අද උදෑසන 8.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පැවැත්වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක බව ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට සියලු ජනතාවට එක්වන්නැයි ආරාධනා කරයි.

සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාදයෙන් පැවැත්වෙන බක්මහ දිවුරුම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද එක්වීමට නියමිත ය.

අද පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයින් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කර ගැනීමට කටයුතු සලසා තිබෙන අතර, පෙරවරු 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද එම දිවුරුම ලබා දීම සිදු කෙරේ.

දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සමග එක්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here