මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක්

0
154

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබෙනවා.

මෙම ස්ථාන මාරුව ඔහුට ලබා දී ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන බවයි පොලිස් ආරංචි පවසා සිටියේ.

මේ වන විට ඔහු විසින් මූලිකත්වය ගෙන සිදුකළ වැටලීම හේතුවෙන් පවතින ජීවිත තර්ජන හේතුවෙන්ද ඔහුට පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබෙනවා.

පසුගියදා පිළියන්දල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව වෙඩි තැබීමකට ලක්වුණු අතර එම වෙඩි තැබීම සිදුකර තිබුණේ මාකදුරේ මධූෂ් නම් පාතාල සාමාජිකයාගේ සගයින් පිරිසකුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here