මඩකලපුව පාසලක ගුරුවරයෙකුගේ අමානුෂික පරහදීමෙන් පහ වසරේ සිසුන් 18ක් රෝහලේ

    මඩකලපුව ප්‍රදේශයේ විදුහලක ගුරුවරයකු පහරදීමෙන් පහ වසර සිසුන් 18 ක් කාත්තන්කුඩ් මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. පහරදුන් ගුරුවරයා කාත්තාන්කුඩ් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධ්දිය ඊයේ (13) දහවල් සිදුව ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

    මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රවෘති රැස්කිරීමට රෝහලට ගියවිට වෛද්‍ය අධිකාරිතුමාගේ අනුමැතිය නොමැතිව ඡායාරුප ගැනීමට නොහැකි බව රෝහල් සේවකයින් හා රෝහල් පොලිසිය පැවසිය.

    පාසලේ ලබාදුන් ක්‍රියාකාරකම් නිසි ලෙස නොකිරීම නිසා සිසුන්ට පහරදුන් බවට දැනගන්නට ලැබුණි.