මගේ දේශපාලන ගමන රාජපක්ෂලා නැති කරා – රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන ඕනම තැනකින් මම ඡන්දය ඉල්ලනවා

0
287

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඕනෑම දිස්ත්‍රික්කයකින් මහමැතිවරණයට තරගකිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා පවසනවා. ඊයේ මහනුවර පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මර්වින් සිල්වා මහතා මෙලෙස අදහස් දැක්වූවා….

” කපුවා දේවාලේ ඉන් නැතුව මාළු කඩේ ඉන්න ඇයි? මර්වින් සිල්වා දේශපාලඥයා, මගේ දේශපාලනය රාජපක්ෂලා එකතු වෙලා නැති කරා එක් ලක්ෂ පනස් හතර දහාක් ඡන්ද ගත්තා මට නොමිනේෂන් දුන්නේ නෑ උන් එකෙක් පස්සේ මම ගියේ නෑ මම අසූචි නාපු පක්ෂ වලින් ඉල්ලන්නෙ නෑ ඒක නිසා මම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන ඕනම තැනකින් මං ඡන්දය ඉල්ලනවා “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here