බිරිඳව ගෙදර තියලා පිට්ටනියේ ක්‍රිකට් ගහන්න” ක්‍රීඩා ඇමති කියයි

0
476

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ නියෝජිතයන් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහාතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව පියවර ගැනීමට ICC නියෝජිතයන්ට සහය දක්වන බව පැවසීය.

වැඩිදුටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ බිරින්දෑවරුන් අතර සමාජ මාධ්‍ය තුළ සිදුවූ බව පැවසන මත ගැටුම පිළිබඳව මෙහිදී අදහස් පළ කළේය.

“ඔබ සියලු දෙනාට දකින්න පුලුවන් වුණා, පහුගිය දින කීපයේ මම දැක්කා ක්‍රීඩකයින්ගේ භාර්යාවන් ගැටලුවක් ඇති කරගෙන. මම සැමගෙන් ඉල්ලන්නේ බිරිඳව ගෙදර තියලා පිට්ටනියේ ක්‍රිකට් ගහන්න එන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි. අපිට ලැජ්ජයි ඒ දේවල් දකිද්දි. මේක හංගන්න දෙයක් නෑ. එහෙම වෙනකොට ලංකාව ගැන ලෝකය දකින්නේ මහ පිස්සු රටක් විදියට. ප්‍රශ්න ඇති. ඒවා ගෙදර තියලා එන්න. හැබැයි ක්‍රීඩා පිට්ටනියේ කණ්ඩායමක් විදියට සෙල්ලම් කරන්න. තනියම සෙල්ලම් කරලා නම් අපිට කවදාවත් ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ.”

“විශ්වාසෙන් ඉන්න, අපි නැවත වතාවක් ශ්‍රී ලංකාව ක්‍රිකට්වලින් අංක එක බවට පත් කරනවා,” නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය කතාබහ අවසන් කරමින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here