බැසිල් රාජපක්ෂ කවදා හරි රටේ නායකයා වෙනවා – ඉන්දික තොටවත්තගෙන් තවත් අනාවැකියක්

0
204

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ජ්‍යොතිෂ්‍ය අනාවැකි පළ කළ ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත තරමක අලුත් ආකාරයේ අදහසක් ගෙවුණ සතියේ ඉදිරිපත් කර තිබුනා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට යලි කිසිදාක රටේ නායකත්වයට පැමිණිය නොහැකි බවට අනාවැකි පළ කළ තොටවත්ත මහින්ද රාජපක්ෂගේ සොයුරු බැසිල් රාජපක්ෂ ගැන අනාවැකි පල කර තිබුනාබැසිල් රාජපක්ෂ මහතා මිය යාමට පෙර අනිවාර්යයෙන්ම මෙරට නායකයා වන බව ජ්‍යෙතිෂවේදී ඉන්දික තොටවත්ත පවසයි

තමාට බැසිල්ගේ හරි කේන්ද්‍රය හමුවුනේ මෑතක බැවින් මෙම අනාවැකිය මින් ඉහත කරන්නට බැරිවගිය බවද ඔහු එහිදී ප්‍රකාශ කරන්නේය.

විධායක ජනාධිපති තනතුර පැවතුනහොත් ඔහු ජනාධිපති වන බවත් විධායක අගමැති තනතුරක් පැවතුන හොත් ඔහු විධායක අගමැති වන බවත් තොටවත්ත දන්වා ඇත.

මෙය 2020ට අදාළ නොවිය හැකි බවද පෙන්වා දෙන තොටවත්ත මිය යාමට පෙර කෙසේහෝ සිදුවන දෙයක් ලෙස නම් කර ඇත. එම අනාවැකියේ වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here