බස් ගාස්තු අඩු කරන්න බස් සංගම් වලින් යොජනාවක්

0
137

ඩීසල් මිල අඩුවීමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%ත් 5%ත් අතර ප්‍රමාණයකින් අඩු කරන ලෙසට හෙට (24දා) රජයට යෝජනා කරන බව බස් සංගම් සඳහන් කරයි.
එහෙත් අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවද සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කරයි.

2%ක බස් ගාස්තු අඩුවීමකින් පසුව ඩීසල් ලීටරයක මිල අවස්ථාව තුනකදී රුපියල් 15කින් අඩුවී තිබෙන නිසා මගී ජනතාවට සහන සැලසිමට බස් ගාස්තුව පහළ දමන බවද ලංකා පෞද්ගික බස් සංගමය සඳහන් කරයි.

අදාළ යෝජනාව හෙට (24දා) ප්‍රවාහන අමාත්‍යවරයාට හා මුදල් අමාත්‍යවරයාට භාර දෙන බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here