පෝය දවසේ මත්පැන් වික්ක ආපන ශාලාවකට මුද්‍රා තබයි

0
83

පොහොය දිනයේදි මත්පැන් අලෙවි කළ කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා තිබේ.

එම දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ(19) දිනයේ සිදුකළ වැටලීමේදී මත්පැන් අලෙවි කරමින් සිටි එම ආපන ශාලාවේ සේවකයෙකුද නිළධාරීන් බාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.

අදාළ ආපන ශාලාව මත්පැන් අලෙවිකිරීම සඳහා සුරාබදු බලපත්‍ර සහිත ආයතනයක් වන අතර පොහොය දිනයේ මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව එම ස්ථානය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තීරණය කරනු ඇති. 

සුරාබදු සහ පෝය දින අඥාපනත් යටතේ සුරාබදු බලපත්‍රලාභි මත්පැන් අලෙවි කරන සිල්ලර වෙළද සැල් හා ආපන ශාල‍ා වසා තැබිය යුතු බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව පොහොය දිනවලදී මත්පැන් අලෙවි කරන සුරාබදු ස්ථාන සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකරන වැටලීම් සහ මහජන පැමිණිලි ඔස්සේ ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here