පොහොට්ටුවේ ප්‍රචාරක පුවරුවක් කඩා වැටෙයි , එක් අයෙකුට තුවාල

මහරගම නගරයේ සවිකර තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රචාරක පුවරුවක් කඩා වැටී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ සිද්ධියෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම ප්‍රචාරක පුවරුව කඩා වැටීමෙන් කාර් රථයකට ද දැඩි හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීම සඳහා කාන්ති කොඩිකාර විසින් මෙම විශාල ප්‍රචාරක පුවරුව මහරගම නගරයේ මාර්ගය හරහා ඉදිකර තිබුණි.