පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට –

0
254

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වව්නතිව් පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් නමැති කරයාකන්තිව්, කන්නන්කුඩා ප්රරදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු ද වන බව වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

ඒ අනුව මෙම පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here