පේරු රාජ්‍යයේ හිටපු ජනපති වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී

0
127

දූෂණ චෝදනා එල්ල වී සිටි පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා. පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ වෙඩි තබාගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

වෙඩි තබාගැනීමෙන් පසු රෝහලකට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපතිවරයා එහිදී මියගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

පොලීසිය හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ගොස් ඇත්තේ බ‍්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වූ නිසාවෙනුයි. 1985 සිට 1990 දක්වාත් 2006 සිට 2011 දක්වාත් ඔහු පේරු රාජ්‍යයේ ජනාධිපති ධුරය හොඹවා තිබෙනවා.