පුද්ගලයෙකු මිය යාමෙන් කටුවන පොලීසිය ඉදිරිපිට උණුසුම් වෙයි

හම්බන්තොට, කටුවන, බෙන්ගමුකන්ද ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කටුවන පොලීසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

යතුරු පැදි දෙකකින් වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් 4 දෙනෙකු විසින් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයෙකු කටුවන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
අදාළ පුද්ගලයාගේ මරණයට එම පොලිස් නිලධාරීන් 4 දෙනා සම්බන්ධ බවට චෝදනා කරමින් එම පිරිස විරෝධතාවයේ නිරත වූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

එලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි කටුවන, බෙන්ගමුකන්ද ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. විරෝධතාවයේ නිරත පිරිස චෝදනා කරන්නේ, එම පුද්ගලයාට කටුවන පොලීසියේ නිලධාරීන් දෙදෙනා පහර දී ඇති බවට ය.

විරෝධතාව හේතුවෙන් කටුවන පොලීසිය අවට විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න