පිලියන්දලින් පිරිමි මළ සිරුරක්

0
84

ඊයේ(11) රාත්‍රී 11.10ට පමණ පිලියන්දල පොලිස් වසමේ හැඩිගම අලුත් පාරේ පිරිමි මෘත ශරීරයක් ඇති බවට පිලියන්දල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මරණයට පත් අය වයස 22ක් වූ අංක 98/02, ජයසුමනාරාම පාර, රත්මලාන ප්‍රදේශයේ පදිංචි බටගල්ලේ ගෙදර සුමුදු සෙනෙවිරත්න නම් පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.

පොලීසිය විසින් මරණකරුගේ මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී බෙල්ලේ හා පපු ප්‍රදේශයේ කැපුම් තුවාල තිබී ඇති අතර මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව සහිතව ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(12) සිදු කිරීමට නියමිතයි.

පිලියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here