පාසල් සිසුවෙකු ඇතුළත් කිරීමට අල්ලස් මුදල් ලබා ගත් හොරොව්පතාන විදුහල්පතිවරයෙකුට වැඩ වරදී

අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත හොරොව්පතාන පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

6 ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කිරීම සඳහා මෙම විදුහල්පතිවරයා විසින් රුපියල් පන් දහසක අල්ලසක් ලබාගෙන ඇති බවයි හොරොව්පතාන පොලීසිය පැවසුවේ.

එම සිසුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා එම විදුහල්පතිවරයා විසින් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවටයි ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර තවත් සිද්ධියකදී රුපියල් 25,000 ක අල්ලස් ගැනීමට තැත් කිරීමේදී මඩකලපුව – කොක්අඩිචෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

(දූෂණයට එරෙහිව නැගී සිටීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි. 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත ස්ථාපිත කර ඇත්තේ එවැනි අවස්ථාවකදි ඔබට සහය වනු පිණිසයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න