පාර්ලිමේන්තුව තුළ සිදු වූ ගැටුමේ වාර්තාව අද කථානායකට

0
115

පාර්ලිමේන්තු සභා ගැබ තුළ පසුගිය දිනවල සිදු වූ ගැටුම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අද (22දා) කථානායකවරයාට ලබාදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ‘මව්බිම’ට පැවැසීය.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ මෙහි විමර්ශන කටයුතු පසුගිය දින කිහිපයේදී කමිටුව රැස්වී විමර්ශනය කළහ.

පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන, මාධ්‍ය ආයතනවල සංස්කරණය නොකළ දර්ශන, පාර්ලිමේන්තු සේවකයන්ගේ සහ පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන්ගේ මීට අදාළ සාක්කි සටහන් කරගෙන තිබේ.
මෙම පරීක්ෂණයට අමතරව රහස් පොලිසිය විසින්ද වෙනම පරීක්ෂණයක් පවත්වනු ලැබේ.

අපරාධ නීති සංග්‍රහය යටතේ පැවැත්වෙන එම පරීක්ෂණයේ වාර්තාව ලබාදීම සඳහා තවත් මාස 03ක පමණ කාලයක් ගතවනු ඇති බවද වාර්තා වේ.

ඊට පෙර මෙම විමර්ශන වාර්තාව අවසන් කර ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කථානායකවරයාට භාර දෙන බවද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here