අද පාර්ලිමේන්තුවේදී පසුගිය 14 වන දාත් 16 වන දාත් සම්මත වූ විශ්වාසභංග යෝජනාවට අනුව ආණ්ඩුව විසිරී ඇති බැවින් ඉදිරියේදී ඊට අනුකූලව පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් සාකච්ඡාවට ගැනීමට නියමිත බව අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ ය.
මේ අතර ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ, අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත, මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ගෙන ඇති බව ය.
කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, මීළඟ පාර්ලිමේන්තු දිනයෙන් පසු ප්රචණ්ඩත්වයෙන් තොරව පාර්ලිමේන්තුව යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු පක්ෂ නායකයින් වගකීමෙන් ක්රියා කළ යුතු බව ය.