ප්‍රේමයක් නිසා ජීවිතයත් එපා කියයි

0
74

උඩුදුම්බර, හුන්නස්ගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තබේ. ඊයේ(03) සවස ඔහු ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකි. ඔහු ප්‍රේම සබඳතාවක් හේතුවෙන් සියදිවි හානි කරගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(04) සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here