ප්‍රීමා සිලෝන් 40 වසරක අභිමානය සමග ඉදිරියට

0
267

ප්‍රිමා සමුහයට අයත් ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රීමා සිලෝන් ශ්‍රී ලංකාවේ ආරම්භය සනිටුහන් කර වසර 40ක් වන අතර එම සමාගම තම ව්‍යපාර තවත් පුලුල් කරමින් ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශය තව තවත් සංවර්දනය කරමින් ලොව විශාලතම පිටි ඇඹරුම්හල් අතුරින් එකක් වශයෙන් වාර්තා ගත වෙනවා.

1977 ශ්‍රී ලංකා රජයේ ප්‍රථම විදේශීය ආයෝජනය ප්‍රීමා සමාගමයි. ඩොලර් මිලියන 32.8 ක ආයෝජනයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය දකුණු ආසියාවේ විශාලතම පිටි කර්මාන්ත ශාලාව වශයෙන් 1980 වසරේ සිට ක්‍රියාවට නැංවීමටද සැලැසුම් කෙරිණි. ප්‍රීමා සිලෝන් හි ප්‍රධානතම ව්‍යාපාරය වන්නේ තිරිගු පිටි නිෂ්පාදනය හා බෙදාහැරීමයි

දශක හතරක් පුරා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, විදේශ සංචිත, රැකියා අවස්තා, බේකරි කර්මාන්තය ඒ ආශ්‍රිත කර්මාන්ත සවිබල ගැන්වීම සදහා ප්‍රීමා අද්විතීය කාර්‍යය භාරයක් ඉටු කර ඇත.

සිය 40වැනි සංවත්සරය නිමිත්තෙන් තම නිෂ්පාදන විශාල නව්‍යකරණයට ලක් කරමින් විශිෂ්ටතා දැක් වු ව්‍යවසායකයින් 40කට උපහර පිදීමේ වැඩ පිළිවෙලක් දියත් කිරිමට සැලසුම් කර ඇත. මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගිය 21දින Trinco Blu Cinnamon හෝටලයෙදී පැවැත් වුණා.

ප්‍රීමා සමූහයේ සමූහ ප්‍රධාන සාමාන්‍යධිකාරි ටෑන් බෙන් චුවාන් මහතා මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ පිටි නිෂ්පාදකයෙකු වශයෙන් ඔබට සේවය කිරීමට ලැබීම අප සෑමට මහත් සතුටක්. බේකරි සහ ඒ ආශිත කර්මාන්තවල විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් සමඟ අපි ඉතා සමීපව කටයුතු කරමු. ඔබගේ ව්‍යාපාර, කුසලතා, උපකරණ සහ යටිතල පහසුකම් සංවර්ධනය තුළින් අපගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීමට උපකාරී වේ. ශ්‍රී ලාංකාවේ පැවති යුද සමයේ කර්මාන්තශාලාව විවෘතව පවත්වා ගනිමින් ඉතා නිර්භිතව ජනතාවට තිරිගු පිටි සැපයිමට කටයුතු කල අපගේ කාර්ය මණ්ඩලයට ස්තුති. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉහළම ගුණාත්මක නිෂ්පාදන ලබාදීමේ අපගේ බලාපොරොත්තුවයි. අප ශ්‍රී ලංකාව තුල සිදුකර ඇති ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 240කටත් අදිකයි. ඉදිරි වසරවලදී ඔබ සමඟ අපගේ සබඳතාව වඩත් ශක්තිමත් වනු ඇති බව අපට විශ්වාසයි. “

” ඔබේ ප්‍රගතිය අපේ අභිමානයයි ” යන තේමාව පෙරදැරිව නිර්මාණය වු මෙම වැඩසටහන යටතේ දේශීය ආර්ථිකය වර්දනය කිරිම සදහා උපකාරි වු දේශීය ප්‍රජාවන් ඇගයීමට ලක් නොවූ ව්‍යාපාරිකයන් සොයා ඔවුන්ගේ ජීවිත කතාව සහ අද්දැකීම් මහජනයාට අනාවරණය කරමින් ඔවුන් ගෞරවයට ලක් කිරීම මෙහි අරමුණයි.

අභිමානවත් හතලිස් වසරක ආඩම්බරය සමග ප්‍රීමා අපි දෙස් විදෙස් අයෝජනය කරමින් මෙරට ජනතාව සමග ඉදිරියට පැමිණිහ. සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 40 දෙනකු සමඟ එක්ව සිංගප්පූරු කළමනාකරණ විශ්ව විධ්‍යාලය සමඟ එක්වී සිංගප්පූරු ඩොලර් මිලියන 2ක් ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීමට ප්‍රීමා විසින් නිවේදනය කර ඇත. සිංගප්පූරු රජය මගින් මෙම අරමුදලට තවත් මිලියන 1ක ආධාරයක් ලබා දුන් අතර, ශිෂ්‍යත්වයේ මුලු වටිනාකම ඩොලර් මිලියන 3 දක්වා වැඩි කර ඇත.

නව සොයාගැනිම් සමග ඉදිරියට යන අප ස්විස්ටර්ලන්ත තාක්ෂණයෙන් සවි බල ගැන් වු මෙම කර්මාන්තශාලාව දිනකට මෙට්‍රික් ටොන් 3650ක ධාන්‍ය ඇඹරුම් ධාරිතාවයක් සහිත ඉහළ කාර් ර්‍යක්ෂමතාවෙන් හා මෙට්‍රික් ටොන් 350,000ක මහා පරිමාන ගබඩා ධාරිතාවකින්ද පොහොසත් අපි විසල් සුවිසල් නෞකා ගාල් කිරිම සදහා ජැටියක් කර්මාන්තශාලා පරිශ්‍රයේ තිබිම උසස් තත්වයේ සේවා සැපයිමට හැකියාවක් ඇත. මෙට්‍රික් ටොන් 100,000ක් රැගෙන යා හැකි “කේප් සයිස්” නෞකා ගාල් කිරිමේ හැකියාවද ඇත.

ප්‍රිමා සිලෝන් හි දිගුකාලීන කැපවීම යටතේ ප්‍රීමා බේකරි පුහුණු මධ්‍යස්ථානය (PBTC) 2004 වසරේදී ස්ථාපනය කරන ලදී. එය නවීන පිළිස්සීම් ශීල්පය, ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ලදී. ශ්‍රී ලංකා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පුහුණු මධ්‍යස්ථානයක් ප්‍රදානය කරනු ලැබේ. එහි ආරම්භයේ සිට (PBTS) උපාධිධාරීන් 5000 කට අධික පිරිසක් සහ පුහුණු බේකරි / සූපවේදීන් පුහුණු කර ඇති අතර වසර ගණනාවක් පුරා දේශීය හා ජාත්‍යන්තර සූපවේද සම්මාන ප්‍රදානය කිරීමත් සමඟ සම්මාන ලැබූහ.

2016 වසරේදී නව පිටි විශේෂයන් හඳුන්වා දිමට ප්‍රිමා සිලෝන් සමාගම කටයුතු කරනු ලැබිණි විශේෂයන් 8කින් සමන්විත නිෂ්පාදන පෙළ අතරට ඉඳි ආප්ප පිටි විශේෂිත කේක් පිටි නව්‍යකරනයේ ඇතුලත් වේ. එසේම මෙරට ප්‍රථම වරට තන්තුවලින් පොහොසත් සෞඛ්‍ය සම්පන්න පිටි පාරිභෝජනයට චක්කි ආටා පිටි සහ පරිපුර්න සුපර්ෆයින් වර්ගයේ ඉතා උසස් තත්වයේ නිෂ්පාදන විශාල ප්‍රමානයක් වෙළඳපලට නිකුත් කරනු ලැබිණී

” ප්‍රීමා ” යන ලතින් නාමයේ අරුත “පලමුව ” යන්නයි. පූර්ණ ස්වයංක්‍රීය ඇඹරුම් සංකීර්ණයක් වන අතර ISO9001: 2000 සහ ISO22000: 2005 සහතිකයන් හිමිකරගෙන ඇත. සාමාන්‍ය පිටි ඇඹරුම්හලකින් ඇරඹි ප්‍රීමා ආසියාකර රටවල් කීපයකම තම නිෂ්පාදන වෙළඳපලට නිකුත් කරනු ඇත.

සිංගප්පූරුවේ ප්‍රීමා සමාගම 1961 දී පිහිටුවන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here