ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරිය සූදු පිටියේදී මාට්ටු

බේරුවල ප්‍රාදේශිය සභවේ මන්ත්‍රීවරියකගේ නිවසේ කල සිට පවත්වා ගෙන ගිය සූදු පිටියක් පොලීසිය විසින් වටලා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ(08) රාත්‍රීයේ මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී මන්ත්‍රීවරිය ඇතුළු කාන්තාවන් දසදෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මන්ත්‍රීවරිය බේරුවල ප්‍රාදේශියවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී කණ්ඩායමේ දම්මිකා ප්‍රියදර්ශණී නැමති මන්ත්‍රීවරියයි 

මෙම නිවසේ කලක පටන් මෙම සූදු පිටියක් පවත්වා ගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අතර ඔවුන් ඇප මත මුදා හැර තිබේ.