ප්‍රමිතියෙන් තොර හෙල්මට් ආනයනය නවතා දමයි – අලුත් හෙල්මට් එකක් වෙළඳ පොළට

0
319

ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් ආනයනය නවතා දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රියදුරන්ගේ නොසැලිකිමත් බව සහ ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් භාවිතය මගින් යතුරු පැදි අනතුරු වැඩි වශයෙන් සිදුවන බවයි.

තාක්ෂණික ක්‍රමවේදයන් යටතේ සැකසුනු ප්‍රමිතියෙන් උසස් ආරක්ෂිත හිස් වැසුමක් ඉදිරියේදී වෙළදපොලට හදුන්වාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කළේ.