ප්‍රංශයේ Notre-Dame දේවස්ථානය ගිනිගෙන විනාශ වෙයි – Photos

0
232

ප්‍රංශ වේලාවෙන් අද (16) සවස 6.45 ට පමණ ඇති වූ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් ප්‍රංශයේ ලෝක උරුමයක් වූ පැරිසියේ පිහිටි #NotreDame කතෝලික දේවස්ථානය ගිනිගෙන, දේවස්ථානය බොහෝ සෙයින් විනාශයට පත්ව ඇත.

පැරිස් නගරය මත ප්‍රතාපවත් ලෙස නැගී සිටි “Our Lady of Paris” නොහොත් Notre-Dame de Paris යනු ලෝක උරුමයක් වූ ඓතිහාසික සිද්ධස්ථානයකි.

නොත්‍රදාම පල්ලියේ ඉදිකිරීම් ආරම්භ වූයේ 1163 වසරේය. දැවී ගිය ලෝක උරුමය තුල මනස්කාන්ත සිතුවම් , ඉපැරණි ප්‍රතිමා , විදුරු කැටයම් මෙන්ම ජේසුස් වහන්සේ කුරුසයට තබා ඇන ගසන අවස්ථාවේ පැලඳු කටු ඔටුන්නද, ඔහු දරා සිටි කුරුසයේ කොටසක්ද මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here