පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි

0
128

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු නොසලකා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා පවසන්නේ පරිසර සංරක්ෂණයේ වැදගත්කම අද විෂයක් ලෙස හඳුනාගත්ත ද එය තවමත් නිසි ලෙස ප්‍රායෝගික අන්දමින් ජනතාව අතර ක්‍රියාත්මක නොවන බවයි.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය කිසිසේත් කිසිවෙකු විසින් පැහැර හැරිය නොහැකි වගකීමක් බවට අද පත්ව ඇති බවයි .

දේශගුණික විපර්යාස හේතුවෙන් උත්සන්න වන කාලගුණික විපත් මඟින් වැඩිම අවධානමට ලක්ව ඇති රටවල් අතර මේ වන විට ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම සමීක්ෂණ වාර්තා මඟින් පෙන්වාදී ඇති බව ද ජනාධිපතිරයා මෙහිදී සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here