පරාජ රැල්ලෙන් මිදෙන්න ශී‍්‍ර ලංකාව අද පිටියට

0
154

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර 5 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කේප්ටවුන්හිදී අද පැවැත්වෙනවා. 

එම තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 4.30 ටයි. තරග 5 කින් සමන්විත මෙම තරගාවලිය 4 ට බින්දුවක් ලෙස දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්. 

දිගින් දිගටම ලබන එක්දින පරාජයන් රැල්ලෙන් මිදීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයේදී දක්‍ෂතා අතරට පැමිණිය යුතු බව කි‍්‍රකට් විචාරකයන් පෙන්වා දෙනවා.

අද තරගය පැවැත්වෙන කේප්ටවුන්හි නිව්ලන්ස් කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව අවසන් වරට එක්දින තරගයක් ජයග‍්‍රහණය කර ඇත්තේ 2003 වර්ෂයේදීයි. ඒ, ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. 

ලසිත් මාලිංග නායකත්වය දරණ 9 වන තරගය මෙය වන අතර ඔහු මේ දක්වා නායකත්වය ලබාදුන් එක්දින තරග අටම ශී‍්‍ර ලංකාව පරාජයට පත්ව තිබෙනවා.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here