ජායි රිචඩ්සන් යොමුකළ පන්දුවක් කුසල් ජනිත් පෙරේරාගේ හිස් ආවරණයේ වැදී ඔහුව පිටියෙන් ඉවතට රැගෙන ගොස් තිබෙනවා. ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද (03) දිනයේ මෙම සිදුවීම සිදුව ඇති අතර ඔහුව කුසල් පෙරේරාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බවද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වාර්තා පෙන්වා දෙනවා.
පන්දුවක් හිසේ වැදීමෙන් රෝහල් ගතකර සිටි දිමුත් කරුණාරත්න යලිත් පිටියට පිවිස ඇති අතර මේ වන විට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 183ක් රැස් කරගෙන තිබෙනවා.
