නිරුවත සහ වල්මත් ස්වභාවය සුනඛ පෝතකයන් මෙන් ප්‍රසිද්ධ නොකරන්න – කීර්තී පැස්කුවෙල් FILL-T ට සැර පිළිතුරක්

0
1119

නිරුවත් යොදා ගනිමින් සිදු කළ ප්‍රාථමික ගණයේ නිර්මාණයක් යූ ටියුබ් නාලිකාව වෙත මුදා හැරීමෙන් පසු ඒ පිළිබඳව පසුගිය දින කිහිපයේම සමාජජාල වල කතාබහට සහ විවේචනයට ලක් වුණා.

FILL -T නම් තැනැත්තෙකු විසින් මෙම නිර්මාණය සිදු කර තිබෙන අතර එම පහත් නිර්මාණය යු ටියුබ් නාලිකාවෙන් ඉවත් කළ බවට අසත්‍ය පුවත් මවමින් එහි Views වැඩි කර ගැනීමට උත්සහ දරන ෆිල් – ටී සමාජ ජාලයේ තැබූ සටහනකට ප්‍රවීන ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතාගේ ද නම් සඳහන් කර තිබුනා.

කීර්ති පැස්කුවෙල් මහතා ගායක ගායිකා සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් ශ්‍රි ලංකාවේ සමාජයට නොගැළපෙන ගීත නිර්මාණ කරන FILL T – ඉරාජ් වැනි ගායකයන්ගේ පහත් නිර්මාණ වලට ඉඩ නොදීම නිසා ඔවුන් කීර්ති පැස්කුවෙල් මහතාට අපහස කිරීමට ගත් මෙම උත්සහයට කිරීති පැස්කුවෙල් මහතා අපූරු පිළිතුරු ලබා දී තිබුනේ මෙලෙසින්ය…..


මොහු විසින් ප්‍රකාශ කරන්නා වූ සාවද්‍ය ප්‍රකාශයන් පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමි. විලි බියක් නොදන්නා මෙවැනි පුද්ගලයන්ට උපකාර කිරීමට තරම් මා පහත් මානසිකත්වය දරන්නෙකු නොවෙමි. එබැවින් මොහු මාගේ නම සදහන් කරගනිමින් වැරදි ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම පිළිබද මා විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකොට ඇත. මෙවැනි පුද්ගලයන් සමාජයට පිළියක් බැවින් ඔවුන්ගෙ සහ හොර අඹුවන්ගේ නිරුවත මෙන්ම වල්මත් ස්වභාවයන් ඔවුන්ගේ පෞද්ගලිකව සිදු කරගන්නා ලෙසද සමාජ පරිහානියට සුනඛ පෝතකයන් මෙන් ප්‍රසිද්ධියේ නිරූපනය නොකරන ලෙසද අවසාන වශයෙන් දන්වා සිටිමි. ”

Keerthi Pasquel

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here