නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේනයි

0
347

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් මෙවරත් නම් කර සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

අද(10) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව පැවසීය.

මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් බවත් පක්ෂයේ යෝජනාව වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා විය යුතුය යන්න බවත් මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

එය තීරණය වන්නේ නාමයෝජනා භාර දීමට පෙර දිනයේදී බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා පැවති ශක්තිය අද වන විටත් ඒ අයුරින්ම පවතින බවත් මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි 8 වැනිදාට පෙර පැවැත්විය යුතු වන අතර ඔක්තොබර් මස අග වන විට ඒ සඳහා නාමයෝජනා භාර දීම කැඳවීම සිදු කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා එහිදි පැහැදිලි කළේය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාද එක් විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here