නිදහස් දවසේ නිදහස හිමිවන සිරකරුවන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට හිමිවන ජනපති පොදු සමාව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සුළු වැරදි සදහා සිරදඩුවම් විදින හා දඩ ගෙවා ගත නොහැකිව සිරදඩුවම් විදින සිරකරුවන් සදහා වසරකට දින 7 බැගින් ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාවක් ලබාදී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම වයස අවුරුදු 70 ට වැඩි සිරදඩුම වසර 10 කට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන් ජනපති පොදු සමාව යටතේ පෙබරවාරි 4 වනදා නිදහස හිමි වන බවයි එහි ප‍්‍රකාශකයෙකු කියාසිටියේ. ස්තී‍්‍ර දුෂණ, මත්ද්‍රව්‍ය වැරදි, සංවිධානාත්මක අපරාධ සහ බරපතල චෝදනා යටතේ සිරදඩුවම් විදින කිසිදු පුද්ගලයෙකු ජනපති පොදු සමාව යටතේ නිදහස හිමි වන්නේ නැහැ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති ජනපති පොදු සමාවට අයත් වන වැරදි සදහන් ලේඛණය ඊයේ (01) දිනයේ බන්ධනාගාර මූලස්ථානයට ලැබී තිබෙනවා.

එම ලේඛණය සියලූ බන්ධනාගාරවලට අද දිනයේ යවා සිරකරුවන්ගේ ලිපිගොණු පරික්‍ෂාවකින් පසු නිදහස හිමිවන සිරකරුවන් ලබන 4 වනදා නිදහස් කරන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර සිරදඩුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණාසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව ඉකුත්දා අදහස් පළ කළා. කෙසේවෙතත් මෙතෙක් උන්වහන්සේට ජනාධිපති පොදු සමාව හිමි වී නොමැති බවයි බන්ධනාගාර ආරංචි සදහන් කළේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න