නව පන්දු යැවීමේ ඉරියව් පරක්ෂණය සඳහා අකිල ඉන්දියාවට යයි

0
128

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර තරග බිමේදී පන්දු යැවීම තහනම් කෙරුණු අකිල ධනංජය අද දිනයේදී සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය.

හෙට උදෑසන අකිල ධනංජය මෙම පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණය ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ශ්‍රී රාමචන්ද්‍රන් ක්‍රීඩා වෛද්‍ය හා උසස් අධ්‍යාපන විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිත ය.

මෙම පරීක්ෂණය සඳහා අකිල සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා ද ඉන්දියාව බලා ගමන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

පරීක්ෂණයෙන් පසු අකිල නැවත එළැඹෙන 2 වන දා මෙරටට පැමිණීමට නියමිත ය.